‘‘ලඩියට‘‘ අයත් කෝටි එක හමාරක් බස් රථ 3 ක් සොයා ගැනේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන දින මුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග  හෙවත් "ලඩියා" නමැත්තාට අයත් බව කියන රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා බස් රථ තුනක් අද (13) පොලිස් භාරයට ගත්බව අතුරුගිරිය පොලිසිය කියයි.

එම බස්රථ සමඟ ලඩියා නමැත්තා ගේ ඥාතියෙකු සහ ඔහුගේ සමීපතමයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත්බව අතුරුගිරිය පොලිසිය පැවසීය.

පොලිසිය භාරයට ගත් එම බස්රථ අතර සුඛෝපභෝගී කුඩා බස් රථ දෙකක් සහ විශාල ප්‍රමාණයේ ලේලන්ඩ් බස් රථයක්  වන බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.