‘‘මහ ලේකම් කිව්වේ මහා බොරුවක්‘‘


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අපි නායකයන්ට පැහැදිලිව කියනවා ඒක මේසෙක වාඩි වෙලා තීන්දු කරන්න ජනාධිපති කව්ද ? අගමැති කවුද? කියලා. එහෙම නැතුව ඡන්දවලට ගිහිල්ලා කෝටි ගණන් නාස්ති කරලා ජනතාව තව තවත් පීඩනයට ලක් කරන්න එපා යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් කියනවා පක්ෂයේ  ඡන්දෙ රනිල් වික්‍රමසිංහට  දෙන්න තීන්දු කළා කියලා සාගර කාරියවම් කියනවා.  එහෙම තීන්දුවක් ගත්තේ නැහැ.

අපි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදපු අය. ඒ වගේම ඉන්න අය අපි වැඩි දෙනෙක්ගේ මතය වුණේ, ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ට කියමු තමන්ගේ ප්‍රතිපත්ති අපි ඉදිරියට ඇවිල්ල කියන්න. ඊට පස්සේ 225 ම තීන්දු කරමු කාටද ඡන්දෙ දෙන්නෙ කවුද ජනාධිපති කරන්නේ කියලා

සාගර කාරියවසම් එදා කරපු දේමයි අදත් කරන්නෙ , ලේකම්තුමාට පැහැදිලිව කියනවා මේ වගේ බොළඳ ,මේ වගේ මෝඩ තීන්දු තීරණ පක්ෂයේ මතය කියලා ජනතාවට දෙන්න එපා කියලා

ඔබතුමාගේ පුද්ගලික මතයක් කියනවා නම් එය පැහැදිලි කරන්න. පක්ෂයේ මතය කියලා දෙන්න එපා, එහෙම වුණොත් අපි පක්ෂයක් හැටියට ලේකම් ගැන තීන්දුවක් ගන්න වෙනවා .මේක මහා බොරුවක් කළේ .

අදත් මෙච්චර රට වැටිලා තිබෙද්දී ඒ වගේ ඔලමොට්ටල වැඩ කරන්න එපා කියලා ලේකම්ට පැහැදිලිව කියනවා.

පක්ෂයක් හැටියට මන්ත්‍රීවරු සියලු දෙනා එකතුවෙලා ලේකම්ට විරුද්ධව අපි තීන්දුවක ගන්නවා.  අද රට වැටිල තියෙන තත්ත්වය පිළිබඳ සියලුම නායකයන් තේරුම් ගන්න ඕන

හැට නම ලක්ෂයක් ඡන්ද ගත්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින්ම පලවා හැරියා. මේක නායකයන් සියලු දෙනාම තේරුම් ගත යුතු දෙයක්.

මේ ජනතාව කොළඹට ආවේ ජනතා විමුක්ති පෙරමුණ කියපු හින්දවත් පෙරටුගාමීන් කියපු හින්ද වත් නොවේ. ජනතාව ඉන්නේ ලොකු පීඩනයකින්. ඒ පීඩාව දරාගන්න බැරිව තමයි ජනතාව එදා නම වැනි දා ජනාධිපති මන්දිරයට ලක්ෂ ගණනින් කඩා වැදුණේ.

විශේෂයෙන්ම වර්තමාන නායකයන්ට අපි කියන්න ඕන.ජනතාව නැවතත් කොළඹට එන්නේ නැති වැඩපිළිවෙළකට අපි යන්න ඕන.