(රංජන් කස්තුරි)
නව රාජ්‍ය අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ මහ මැතිවරණයෙන් පසුව යැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මස දක්වා මහ මැතිවරණය පැවැත්වෙන තෙක් අවශ්‍ය වුවහොත් අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන් කර ගන්නා බවද බන්දුල ගුණවර්ධන මහතා කීය.
ලබන මාර්තු මසයේදී පාර්ලිමේන්තුව විසුරුවාහරින අතර අප්‍රේල් මාසයේදී මහමැතිවරණයක් පවත්වන බවද එහිදී ඇමැතිවරයා පැවසීය.

