‘‘මත භේද පැත්තකට දමා අවංකව කටයුතු කරන්න‘‘


(ඩයනා උදයංගනී)

දේශපාලන මතභේද හා න්‍යාය පත්‍ර පසෙක ලා අවංක, කාගේත් විශ්වාසය දිනාගත හැකි අන්තර්වාර ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්කරගැනීම සඳහා මෙම අවස්ථාවේදී එකඟතාවයකට පැමිණෙන්නැයි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේ නොවුවහොත් පවතින තත්වය උග්‍ර වන අතර, මන්ත්‍රීවරුන් කෙරෙහි ඇති ජනතා විශ්වාසය නැති වී යනු ඇතැයි ද එහි සඳහන් වේ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරුතුමන්ගේ සහ මහලේකම්, ජේ.ඩී ඇන්තනී අගරදගුරු පදවි සහාගය රදගුරු හිමියන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.