‘‘බ්‍රහස්පතින්දා තෙක් ඉන්ධන පෝලිමට එන්න එපා‘‘


(යොහාන් භාසුර)

පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙකක් මෙම මස 23 සහ 24 දෙදින බලාපොරොත්තු වන බවත් ඛනිජ තෙල් සංස්ථාව සතුව පෙට්‍රල් තොග නොමැති වීම හේතුවෙන් ඉදිරි දින තුන, හතර තුළ පෝලිම්වල රැදී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචනස විජේසේකර මහතා පැවසීය.

එම නෞකා සඳහා මහ බැංකුව ඩොලර් මිලියන 90 ක් නිදහස්කර ඇති බව කී අමාත්‍ය විජේසේකර මහතා සඳහන් කළේ ටෙන්ඩර්වලට සැපයුම්කරුවන් ප්‍රතිචාර නොදැක්වීම නිසා විකල්ප ක්‍රමයන්ට මෙම මිලදී ගැනීම් කරන බවත්ය.

එම පෙට්‍රල් සහ ඩීසල් තොග පළමුවර ඇනවුම් ලැබූ සැපයුමකරුවන්ගෙන් ලැබීමට නියමිත නිසා ලැබෙන දින පිළිබඳව නිශ්චිතව කිවනොහැකි බව කී අමාත්‍ය විජේසේකර මහතා සැපයුම්කරුවන් 11 දෙනකුට ඇනවුම් භාරදී ඇති බව ද සඳහන් කළේය.