‘‘නැ‘හිර පර්යන්තයේ වැඩ කඩිනම් කරන්න‘‘


(සුජිත් හේවාජුලිගේ )

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම් ප්‍රමාද නොකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

වරායේ නැගෙනහිර පර්යන්තය කිසිසේත්ම පෞද්ගලික අංශයට ලබා නොදෙන බවද ඔහු පැවසුවේය

ඔහු මෙසේ පැවසුවේ කොළඹ වරායේ ඉදිවෙමින් පවතින ඊ.සී.ටී (ECT ) පර්යන්තයේ කටයුතු පෙරේදා(25) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමිනි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හා එහි මෙහෙයුම් කටයුතු සියයට සියයක් වරාය අධිකාරිය සතු පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

සමහර වෘත්තිය සමිති හා පුද්ගලයන් පටු දේශපාලන වාසි අපේක්ෂාවෙන් මෙම පර්යන්තය සම්බන්ධයෙන් කරන වගකීම් විරහිත ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.