ගිං ගඟේ වැලි ගොඩදැමීම නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේය. පාලනයකින් තොරව වැලි ගොඩදැමීම නිසා ගඟ විනාශ වී ඉවුරු කැඩී ගොස් අවට ජනතාවගේ ජීවිතවලට ද තර්ජනයක් වී ඇති බැවින් ගිං ගඟේ ඉතිරිව ඇති ස්ථාන හෝ ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ගිං ගඟ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන කිහිපයක් විසින් කරන ලද ඉල්ලීකට අනුව දිසාපතිවරයා විසින් මේ බව පොලිසියට දැනුම් දී තිබේ.
එමගින් පවසා ඇත්තේ ගොන්ගලල සිට දෙණියාය දක්වා කොටසත්, හත්මාලේ දිය ඇල්ලට ඉහලින් කිලෝ මීටරයක දුරකින් පටන්ගෙන මෙදේරිපිටිය දක්වා කොටසත්, මෙදේරිපිටියේ සිට පිටදෙණිය ලංකාගම හරහා පැමිණ මාදුගැටේ නව පාලම දක්වා කොටසත් ආරක්ෂාකර දෙන ලෙසයි. එමෙන්ම ගිං ගඟට එකතුවන අතු ඇළමාර්ග වන කිරිඳිවැල් දොළ, පතන ඔය, හීන්දොළ, අරනුුව දොළ, මහ ඇළ, දෙල්ලව ඇළ, කන්නලි ඇළ හා නන්නිකිත ඇල දැන් පවතින තත්ත්වයෙන් හෝ බේරාගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද දිසාපතිවරයා දැනුම් දී තිබේ.
ගිං ගඟේ අතීත ස්වභාවය
ඇල මාර්ග කිහිපයක් වැලි ජාවාරම් කරුවන්ගෙන් බේරී අති ආකාරය
ගං ඉවුරු විනාශ වී ඇති ආකාරය
ඉවුරු විනාශ කැර ඇත.
බෝට්ටු යා නොහැකි ස්ථානවල වැලි ගොඩදමන ආකාරය
වාහන යා නොහැකි තැන්වල වැලි ගොඩදමා පෝර උරවල දමා ඇති ආකාරය







