‘‘එජාපෙ තරුණ සංවිධාන සමඟ තරුණ ව්‍යාපාරයක් ගොඩනගනවා‘‘


(රංජන් කස්තුරි)

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂවල තරුණ සංවිධාන හා වෙනත් තරුණ සංවිධාන සමඟ එක්ව පුළුල් ‘තරුණ ව්‍යාපාරයක්‘ ගොඩනගන බව සජිත් ප්‍රේමදාස මහතාගේ 2019 ජනාධිපතිවරණ තරුණ මෙහෙයුම් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

දැනටමත් එම තරුණ සංවිධානය ගොඩනැගීමේ ව්‍යාපාරය ආරම්භ කර තිබෙන අතර රටපුරා සියලු ගම්මානවල තරුණ තරුණියන් ඊට එක් වීමට සුදානමින් සිටින බවද හර්ෂණ රාජකරුණා මහතා කීවේය.

එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු දේශපාලන පක්ෂවල තරුණ තරුණියන් දේශපාලන පක්ෂවලට අයත් නොවන සංවිධානවල තරුණ කණ්ඩායම් එක්ව එම ව්‍යාපාරය ගොඩ නැගූ පසු තරුණ ප්‍රාඥාප්තියක් සකස් කර ගන්නා බවද මන්ත්‍රීවරයා පැවසීය.