‘‘ වාරණය බොරුවක්, අද කිසිවක් වහන්න බෑ “


වෙනදා මෙන් අද ජනමාධ්‍ය වාරණය කළ නොහැකියැයි ද වාරණය කරන්නට ගියහොත් එය වඩාත් සවිස්තරාත්මකව ජනතාව අතට පත්කිරීමට තරම් මාධ්‍ය ප්‍රබල වී ඇතැයි ද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයීය ජනමාධ්‍ය දිනයේදී අද කීවේය. කලකට ඉහතදී මාධ්‍ය වාරණය කිරීමේ හැකියාව තිබුණ ද දැන් මුඑ ලෝකයම මිනිත්තු කිහිපයකින් අත්ල මතට ගෙන එන මාධ්‍ය වාරණය කිරීමට හැකියැයි සිතන්නේනම් එය බොරුවක් බව ද හෙතෙම කීවේය.