විවිධ හේතු නිසා සිදුවන සිය දිවි හානි කර ගැනීම්වලට ෆේස් බුක් වග කිව යුතු යැයි කියමින් ෆේස්බුක් වාරණය කිරීමට ආණ්ඩුව නීති ගෙන ඒමට සැරසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා කියයි.
මෑත කාලයේ ජනමාධ්‍යයේත් රටේත් කතා බහට ලක්වූ සිද්ධි කිහිපයක් ගැන හා ෆේස් බුක් ගැන ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවර පැහැදිලි කිරීමට සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී රත්නාහක මහතා එලෙස පැවසීය.
‘ පසුගිය මාස දෙකකට ආසන්න කාලයේ දී තරුණියන් හතර දෙනෙකු සිය දිවි නසා ගැනීම් ෆේස්බුක් මගින් සිදුවූ මරණ විදියට අර්ථකථන දී තිබුණා. ආණ්ඩුවට සම්බන්ධ පිරිස් ෆේස්බුක් තහනම් කරනවා යැයි කෙළින්ම නොකිව්වත් ඒ හා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර තිබුණා. ෆේස්බුක් සඳහා නීති ගෙන එන බව තවත් ඇමැතිවරයකු කියා තිබුණා.
ලෝකයේ අනියම් සම්බන්ධතා නිසා සියදිවි හානි කර ගැනීම් කලින් කලට වාර්තා වුණා. ෆේස්බුක් නිසා අනියම් සම්බන්ධා හදා ගන්නවා හෝ දිවි නසා ගන්නවා කියන්න කාටවත් කියන්න බැහැ.
ෆේස්බුක් එන්නට පෙර ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් විවිධ ක්‍රම මගින් ආදර සම්බන්ධතා පැවැත්වුවා. මීට පෙර ජංගම දුරකතන, ඊට පෙර පෙම් හසුන්. පෙම්හසුන් නිසා දිවි හානිකර ගැනීම් කොතරම් නම් කර ඇත්ද?
මීට පෙර එක්තරා පළාත් සභාවක තීරණයක් ගෙනාවා දිය සිවි නසා ගැනීම් වැලැක්වීමට එම පළාතේ කනේරු ගස් විනාශ කළ යුතු කියා. මේ කරන්න යන්නෙත් ඒ වගේ දෙයක්.
නගරයේ බාලිකා පාසල්වල බිත්තිවල එක එක ඒවා ලියනවා. කොච්චර තීන්න ගෑවත් ඒ දේ කරනවා. එහෙම කියලා ඒ ස්ප්‍රේ වර්ග සහ තීන්ත වර්ග තහනම් කිරීම හරියනවද? ‘

