‘ෆුල් ෆේස් හෙල්මට් ගැන නව රෙගුලාසි‘


යතුරුපැදිකරුවන්ට සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළදීම සම්බන්ධයෙන් වන  නව රෙගුලාසි  හඳුන්වා දීමට රජය කටයුතු කරන බව නීතිපතිවරයා අද (01) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

 සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළඳීම තහනම් කිරීමට පොලීසිය ගත් තීරණයට එරෙහිව ගොනුකර තිබු නඩු තුනක් අද විභාගයට ගත් අවස්ථාවේදී  නීතිපතිවරයා මේ බව අධිකරණයට දැන්වීය.

එම ඉල්ලීම සලකා බැලූ  අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා  ෆුල්ෆේස් හෙල්මට් භාවිතය වැළැක්වීමට පොලීසිය ගත් තීරණයට එරෙහිව අධිකරණය පැනවු අතුරු  නියෝගය පෙබරවාරි 11 වන දින දක්වා අදාළ  දීර්ඝ කිරීමට  නියෝග කළේය .පෙත්සම ලබන පෙබරවාරි 10වැනිදා කැඳවීමට නියමිතය.