‘හිතලු කතා කියලා‘
ගම්පහ ඉඹුල්ගොඩදී රිය අනතුරින් මිය ගිය සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සැක සහිත බවට ඇතැමුන් කළ ප්‍රකාශ අසත්‍යයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවුණැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ ගම්පහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එස් පී ඒ හේවගේ මහතා විසින් මේ මරණවලට හේතුව රිය අනතුරකින් හිස්කබලට සිදුවූ තුවාල බව සනාථ කර ඇති බව ද ඒ මහතා කියයි.
අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියනුයේ අහිංසක සිසුන් දෙදෙනෙකුගේ මරණයත් සමග ඇතැම් පාර්ශ්ව සහ ඇතැම් මාධ්‍ය ගෙන ගිය පදනම් විරහිත ප්‍රකාශ ගැන කණගාටු වන බවයි.

