‘හාල්මිල අඩු කළා නම් ගොවියාට වදිනවා‘


ගමේ ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු නිසා  හාල්,කිරි,අර්තාපල් වල සහතික මිලක් දුන්නා.ඒ නිසා එම ද්‍රව්‍යන්හි  මිල අඩු නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) ගාල්ලේදී පැවසීය.

‘ගොඩක් දෙනෙක් අහන ප්‍රශනයක් ඇයි මේ හාල් මිල තවම අඩු කළේ නැත්තේ කියලා.එය නොකළේ ගැමියාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෑ නිසා.ඒ වගේම අපි පොරොන්දු වුණා අත්‍යවශ්‍ය භාණ්ඩ දහයක මිල අඩු කරන්න .නමුත් ඊට වැඩියෙන් භාණ්ඩ තුනක මිල අඩු කළා.මම ඒ ගැනත් සමාව ඉල්ලනවා ජනතාවගෙන්.‘