රජය රටින් සහල් ආනයනය කර අඩු මිලට අලෙවි කලොත් ඉතිරි සහල් මෝල් ටිකත් වැසී යනු ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් මෝල් හිමියන්ගේ සංගමය කියයි.
සංගමයේ උප සභාපති ගාමිණි කුමාරසිංහ මහතා මාධ්‍ය හමුවකදී පැවසුයේ දැනට පොළොන්නරුවේ වී මෝල් වලින් සියයට 85 ක් වැසී ඇති බවයි.
අපි කිසිම කෙනෙක් වී තොග සඟවාගෙන නෑ.මහා පරිමාණයෙන් හාල් යොදාගෙන බීර නිෂ්පාදනය කරන නිෂ්පාදකයකු නිසයි මේ අර්බුදය ඇති වෙලා තිබෙන්නේ.
මේ විදියට රටින් සහල් ගෙන්වලා අඩු මිලට අලෙවි කලොත් අපි නිෂ්පාදනය කරන සහල් වලට මිලක් නැතිව යාවි.

