‘හයිඩ් රැස්වීමට ගියාට කමක් නෑ‘ - අස්ගිරි මහා නාහිමි


එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසුරිය, මන්ත්‍රීන් වන පාලිත රංගෙ බණ්ඩර සහ අශෝක අබේසිංහ මහත්වරු අද මහනුවරදී ත්‍රෛනිකායික මහා නාහිමිවරු ද වියානි ප්‍රනාන්දු රදගුරු තුමා ද බැහැ දුටහ. කොළඹ හයිඩ් පිටියේ දී බ්‍රහස්පතින්දා එක්සත් භික්ෂු පෙරමුණෙන්  පැවැත්වීමට නියමිත රැස්වීම ගැන මල්වතු අස්ගිරි මහා නාහිමිවරු එහි දී සාකච්ඡා කළහ. තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නිහිමියන් ජයසූරිය මහතාට උපදෙස් දෙමින් පැවැසූයේ පක්ෂයේ සාමූහිකත්වය හා එකඟත්වය රැකගෙන ඉදිරියට යා යුතු බවයි.  උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමියන් උපදෙස් දුන්නේ රැස්වීමකට සහාභාගී වීමේ අයිතිය ඇති බවයි. ඒ සඳහා නීති රීති පැන වීම පක්ෂ නායකුට නොතරම් වන බවයි. පක්ෂයත් පක්ෂ සමාජිකයනුත් රැක ගැනීම තම අරමුණ බව කරු ජයසූරිය මහතා එහි දී මහ නාහිමිරවරුනට පැවැසූහ. එම රැස්වීමෙන්  පක්ෂයට හානියක් නොවන බව  ද ඒ මහතා කීවේය. ඔහු ඇතුළු පිරිස නාපාන පෙමසිරි රාමාඤ්ඤ  මහා නිකායේ හිමියන් ද බැහැ දුටහ.