(මහින්ද නිශ්ශංක)
හම්බන්තොට වරාය රැකගැනීම සඳහා සියලු වෘත්තීය සමිති,බහුජන සංවිධාන,ශිෂ්‍ය ව්‍යාපාර ඒකරාශි කරගෙන අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පවසයි.
හම්බන්තොට වරාය චීනයට පවරා දීමෙන් අනතුරුව ආණ්ඩුව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය හා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීමට ලහි ලහියේ සූදානම් වන බවද ඒ මහතා කීය.
මරදාන සී.එස්.ආර් ආයතනයේදී අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

