(නිමල කොඩිතුවක්කු)
හම්බන්තොට විරෝධතාවට එල්ල වු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිළි කිරීමට සහ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
ප‍්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ පොලිස් කොමිසමට පැමිණිළි කරනු ඇති බවත් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරනු ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (08) පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
නිරායුධ උද්ඝෝෂකයින්ට සහ ජනමාධ්‍යවේදීන්ට පොලීසිය සිදුකළ මෙම පහර දීම බලය ඉක්මවා කළ ම්ලේච්ජ ප‍්‍රහාරයක් බවත් ඒකාබද්ධ විපක්ෂය එම ප‍්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් ඒ මහතා පැවසීය.

