‘හපුතලේ මහා පල්ලම ළඟම බසය නතර වූණා‘


‘මා එක්වරම තිරිංග තදකළා. බසය ලිස්සා ගියා මහා පල්ලමක කටේ බසය නතර වුණා. ඒ වන විටත් බසයේ මගීන් නිදි. මගීන් 45 ක් බසයේ සිටියා. කොළඹ බදුල්ල මාර්ගයේ ධාවනය වූ ලංගම බසයක් විහාරගල වංගුව අසලදී පල්ලමට යා නොදී බේරාගත්  රියැදුරා මෙහොමඩ් අන්සාර් එසේ කියයි. බසයේ රියදුරු මොහොමඩ් අන්සාර් (54) ‘මා ලංගමට සේවයට ගොස් අවුරුදු 23යි. බණ්ඩාරවෙල හා බිබිල ඩිපෝවල වැඩ කළා. දැන් බදුල්ල ඩිපෝවේ සේවය කරනවා.‘ ‘බදාදා  (31) රාත්‍රී 12.00ට අපි කොළඹින් බදුල්ලට පිටත් වුණා. දිගටම වැස්ස තිබුණා. බෙරලගට ආවේ පාන්දර 4.30ට විතර. අධික වැස්ස සමග දැඩි මීදුමක් තිබුණා. පාර පේන්නේම නැහැ. සුදු ඉර බලාගෙන හපුතලේ දෙසට ආවා. එන්න ගොඩක් අමාරු නිසා කොන්දොස්තර සංජීව රත්නායකට කතා කර ඉස්සරහ  පාපුවරුවට ගෙන්න ගත්තා. මීදුම නිසා පාර පේන්නේම නැහැ. මම ඔහුට කිව්වා පාර හොදට බලන්න කියලා.‘ ‘උඩ විහාරගල හරියේදි කොන්දොස්තර සංජීව කිව්වා වම් පස කානුව නිසා දකුණු පැත්තට බර කර යන ලෙස. හපුතලේ නගරයට ළඟා වෙද්දී ලොකු වංගුවක් පෙනුනේම නැහැ. සංජීව කිව්වා දකුණු පැත්තට වැඩීයි කියලා. මම තිරිංග තද කළා. බසය ලිස්සා ගියා. ඉදිරිපස රෝද දෙක පාරෙන් ඉවතට පැන්නා. බසයේ බඳ බිම වැදී නතර වුණා. මා තිරිංග තද කරගනෙම හිටියා. සංජීවට කිව්වා සියලු දෙනාම ඉක්මණින් බස්සවන ලෙස. ‘ ‘මගීන් 45 දෙනෙකු පමණ හිටියා. හැමෝටම නින්ද ගිහින් ගිහියා. සංජීව ඔවුන් අවධි කර ඉක්මණින් බැස්සුවා. ඉන් පසු මං එන්ජිම නැවැත්තුවා. බිමට බැස්සා. ඉස්සර මහා ප්‍රපාතයක්. අඩි දාහක් විතර පල්ලම වෙන්න ඇති. දෙවියන් වහන්සේ තමයි අපි බේරගත්තේ. ‘ ඔහුගේ ස්ථානොචිත ප්‍රඥාව නිසා තම ජීවත බේරුණු බව මඟිහු කියති. රියදුරු මොහොමඩ් අන්සාර් සංජිව රත්නායක