(රන්ජන් කස්තුරි)
සූර්යතාප විදුලි සහ සුළං බල විදුලි ව්‍යාපෘති සඳහා මින් ඉදිරියට ටෙන්ඩර් කැඳවීමකින් තොරව අවසර ලබාදීමට හැකිවන පරිදි අලුතින් නීති සකස්කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව, මින් ඉදිරියට ටෙන්ඩර් කැඳවීමකින් තොරව සූර්ය තාප හා සුළං බල විදුලි ව්‍යාපෘති සඳහා අවසර ලබාදීමට හැකිවන පරිදි විදුලිබල පනත සංශෝධනය කරන බවද එම අමාත්‍යංශය කියයි.
ඒ සඳහා කමිටුවක් පත්කිරීමටද නියමිත බව අද(05) විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් සහ අමාත්‍යංශයේ ලේකම් වසන්ත පෙරේරා මහත්මියද එම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර එහිදී එම තීන්දු තීරණ ගෙන තිබේ.

