මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳ නඩු විභාගයේ දෙවැනි වගඋත්තරකරු හෝමාගම හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චරිත් ඒ බී ජයසුන්දර මහතා අද පැවැති නඩු විභාගයට ද සාක්කි විභාගය සඳහා පෙනී නිසිටි අතර මේ වන විට ඔහු එකොළොස් වතාවක් නඩු විභාගයට පැමිණ නැතැයි ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.
එක්නැලිගොඩ මහත්මිය එලෙස පැවසුවේ ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇව විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කැරුණු නඩුව අවසන්වී අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ දීය.

