‘සිසිල් වියළි කාලගුණයක්‘


දිවයින පුරා  ප්‍රධාන වශයෙන් සිසිල් සහ වියළි කාලගුණ  තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සමහර ප්‍රදේශ වල උදෑසනකාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන අපෙක්ෂා කළ හැක.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

2015 ජනවාරි මස 12 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වයක් පවතී.

සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

මන්නාරම සිට පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක.

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).