‘සාක්කිකරුවනට අනියමින් බලපෑම් කරනවා‘


රතුපස්වල කම්හලක් නිසා ළිං ජලය අපිරිසිදු වෙතියි වැලිවේරියේ ගැමියන් පසුගිය අගෝස්තු පළමු වැනි දා පැවැත් වූ විරෝධතාවයේදි යුද හමුදාව හා ජනයා අතර පැවැති ගැටුමේදී තිදෙනකු මරණයට පත්වීම ගැන ගම්පහ මහේස්ත්‍රාත් උසාවියේ අද පැවැති පරීක්ෂණයේ සාක්කිදීමට සිටි වැලිවේරිය ශාන්ත අන්තෝනි පල්ලියේ කන්‍යා සොහොයුරියක හා පියතුමා පැමිණ සිටියේ නැත.

ශ්‍රී ලාංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා පැවැසුයේ සාක්කිකරුවන්ට  අනියම් බලපෑම් ඇති බවයි. කොළඹ අපරාධ කොට්ඨාස අංශයේ පොලිස් පරීක්ෂක නෙවිල්ද සිල්වා මහතා පිළිතරු දෙමින් කියා සිටියේ බලපෑම් නොකරන බවයි. වැලිවේරිය පොලිසියේ ස්ථානාධිපති එස්.කේ උපාලි මහතා සාක්කි දෙමින් පැවැසුයේ යුද හමුදාව කැඳවුයේ කාගේ අණක් අනුවදැයි නොදන්නා බවයි. විසිර යන ලෙස හමුදා බ්‍රිගේඩියර් පවසද්දී ගල් ප්‍රහාරයක් එල්ල වූ බවත් තමාට ද ගලක් වැදුණු බවත් ඔහු කීවේය. ඔහුගේ සාක්කියට දෙපැයක් ගත විය. වැඩිදුර විභාගය ලබන 17 වැනි දාට කල් තැබීය.