මාදුළුවාවේ සෝභිත නාහිමියෝ අද මල්වතු අස්ගිරි මහා නාහිමි හමුවී ලබන ජනපතිවරණයේ දී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයත් පොලිසිය, මැතිවරණ කොමසාරිස් හා රජයේ සෙසු ආයතන සැබෑ ලෙස ස්වාධීණත්වයට පත් කිරීමේ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි පන ගන්වන ලෙසත් රටම ඉල්ලා සිටිය යුතු බව පැවසූහ.
වත්මන් ජනපති විධායක ජනපති බලතල අහෝසි නොකරතොත් මුළු විපක්ෂයම එක්වී එය ඉවත් කිරීමට සැරසිය යුතු බව ද ඒ හිමියෝ කීහ.
පවුල් කිහිපයක් අතර බලය රැඳී තිබීම විවේචනයට ලක් කළ සෝභිත හිමියන් පැවසුවේ විධායක ජනපතිට අසීමිත බලතල ලැබෙන ක්‍රමය වහා ඉවත් කළ යුතු බවයි.

