‘සරසවි අවුල වහා විසඳාගන්න‘


දැයේ දූ දරුවන්ගේ අනාගතය ගැන සලකා බලා විශ්ව විද්‍යාල අර්බුදය අන්තගාමීත්වයෙන් තොරව මැදහත්ව ඉක්මනින් විසඳා ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හා විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයෙන් ඉල්ලා සිටින බව මල්වතු අස්ගිරි මහා  නාහිමිවරු එම දෙපාර්ශවයෙන් ඉල්ලති. මාස තුනක් තිස්සේ නොවිසැඳුණු මේ ප්‍රශ්නය විසඳා ගැනීමට දෙපාර්ශවයම කැඳවා යම් සම්මුතියකට එළැඹීමට අපෙක්ෂා කරන්නේ නම් මැදහත් පාර්ශවකරුවන් ලෙස තමන් වහන්සේලාගේ සහාය ද දිය හැකි බව තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමියන් ද උඩුගම බුද්ධරක්ඛිත  අස්ගිරි මහා නාමියන් ද කියති. උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා හා විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවගිරිට ද මහා නාහිමිවරු ලියා දැන්වූහ.