(රංජන් කස්තුරි)
විශ්වාස භංග එකක් නොව 10ක් ගෙනාවද දූෂිතයන්ට මීනිමරුවන්ට එරෙහි සටන තමා අත් නොහරින්නේ යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (24) විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කීය.
“කිසිදු පදනමක් නැති අරහෙන් මෙහෙන් අහුලාගත් චෝදනා කිහිපයක් එක්කර ඒකාබද්ධ විපක්ෂය බංකොළොත් විශ්වාස භංග යෝජනාවක් කාතානායකවරයාට බාරදී තියෙනවා.ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නොදැනුවත්කම නිසා මේ වගේ බංකොළොත් විශ්වාස භංගයක් ගෙනත් තියෙනවා.මේ විශ්වාස භංගය මම ජයගන්නවා.අන්තිමට මගේ විශ්වාසය තහවුරු වේවි.“යැයි ඒ මහතා පවසයි.
(ඡායාරූපය-ජයමාල් චන්ද්‍රසිරි)


