(රංජන් කස්තුරි)
රසායන විද්‍යාව - 2 ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න කිහිපයක් එම විභාගය පැවැත්වෙන කාල සීමාවේදී පිටකර ඒවා අත් පත්‍රිකාවක මුද්‍රණය කර ගම්පහ විභාග ශාලාවක් අසලදී බෙදාහැර තිබෙන බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
විභාගයට පෙර කිසිසේත් එම ප්‍රශ්න පිටවී නැති බව තහවුරු වී තිබේ.
රසායන විද්‍යාව -2 විභාගය පැවැත්වෙන අවස්ථාවේ විභාග ශාලාවක පුද්ගලයකු හරහා එම ප්‍රශ්න කිහිපය පිටවී තිබෙන අතර සැලසුම් සහගතව ඒවා අත්පත්‍රිකාවක මුද්‍රණය කිරිමට කිහිප දෙනකු සම්බන්ධ බවද අනාවරණය වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
විභාගයට පෙර ප්‍රශ්න පිටවී නැති හෙයින් විභාගයේ විශ්වාසනීයත්වයට හානියක් නැතැයි ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

