(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා හා ප‍්‍රධාන ගැණුම්කරු වන කසුන් පළිසේන මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් ඇතුළු සියළුම විද්‍යුත් සන්නිවේදන උපකරණ කොමිසමේ විමර්ශන නිලධාරීන්ට බාර දීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා අද (04) කොමිසමට දැනුම් දුන්නේය.
කසුන් පළිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ කාලංග ඉන්ද්‍රතිස්ස මහතා ඒ බව දැනුම් දුන් අතර තම සේවාදායකයාගේ එම උපකරණවල ඇති තොරතුරු ඔහු ඉදිරියේදී පරීක්‍ෂාවට ලක් කිරීමට නියම කරන්නැයිද ඉල්ලා සිටියේය.මෙම සහනය අර්ජුන් මහෙන්ද්‍රන් මහතාටද ලබා දී ඇතැයි ජනාධිපති නීතීඥ කාලංග ඉන්ද්‍රතිස්ස මහතා කීය.
එම ඉල්ලීම කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොමිසම අමතමින් පැවසුවේ ලෝකයේ කිසිදු නඩු වාර්තාවක හෝ කිසිඳු ප‍්‍රඥප්තියකට අනුව තොරතුරු ලබා ගන්නා අවස්ථාවේදී එහි හිමිකරුට එම ස්ථානයේ සිටීමට ඉඩ ලබා දී නැතැයි කීය.
ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් කොමිසම මේ සම්බන්ධයෙන් තීන්දුවක් ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

