‘විගණන පනත සම්මත නොවීමෙන් වැඩ අක්‍රීය වෙලා’



(ඩයනා උදයංගනී)

නව විගණන පනත සම්මත නොවීම හේතුවෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හා විගණන කොමිසමේ කටයුතු අක‍්‍රීය වී ඇතැයි විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් විගණන කටයුතු සඳහා ලබාදී ඇති ශක්තිය අනුව කටයුතු කිරීමට නම් එම බලතල පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතු බව කී විගණකාධිපතිවරයා මෙතෙක් විගණන පනත පාර්ලිමේන්තුව සම්මත නොවීම නිසා උසස්වීම් ලබාදීම, වැටුප් ප‍්‍රශ්න ආදිය විසඳීමට නොහැකි වී තිබෙන බව ද සඳහන් කළේය.

එබැවින් මෙම පනත ගෙනඒමට නොහැකි නම් ඉවත් කර දමා හෝ විගණකාධිපති දෙපාර්තමේන්තුවට කටයුතු කරගෙනයාමට අවශ්‍ය වටපිටාව ඇතිකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද විගණකාධිපතිවරයා කීවේය.