වැලි මැක්කන් ආශ්‍රිතව වැළඳෙන ලිෂ්මේනියාසිස් රෝගය 1992 දී මුල් වරට මෙරටින් වාර්තා වූ අතර නැවත 2015 වන විට රෝගින් වැඩි විමේ අවදානමක් ඇතැයි ඝර්ම කලාපිය වෛද්‍ය විද්‍යා අන්තර්ජාතික සමුළුවේ ලේකම් හා පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පිඨයේ පරපෝෂී විද්‍යා දෙපාර්තුමේන්තුවේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසිජි වික්‍රමසිංහ මහතා පවසයි.
වියළි කලාපය ආශ්‍රිත අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මාතර, හම්බන්තොට, දිස්ත්‍රික්කවල මෙම රෝගය වැළඳුණු බවට සැකකරන රෝගින් 2500 ක් පමණ වාර්තා වී ඇතැයි වික්‍රමසිංහ මහතා කියයි.
මෙහි රෝග ලක්ෂන ආකාර 3ක් ලෙස දැකිය හැකි බවත් මෙය ශරීරයේ ඇට මිදුළු, අක්මාව සහ ප්ලීහාව ආශ්‍රිතව වැළදෙන බවත් ලංකාවේ වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ සම මතුපිට තුවාල ඇති වී අත් පා මුහුණ ආදියෙහිද තුවාල පැතිරීමෙන් ඇතිවන ලිෂ්මේනියාසිස් රෝග ලක්ෂණ බව කියති.
මෙය මුඛය ආශ්‍රිතව ද සෑදෙන බව වෛද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
රෝග කාරකය පතුරවන වැලි මැක්කන් වියළි කලාපයේ කටුපඳුරු, කැලෑ හා මැටි බිත්ති සහිත නිවෙස් වලද, හුඹස් දරමඩු ආශ්‍රිතව ද වෙසෙන බවත් රාත්‍රි කාලයේදි එම සතුන් දෂ්ඨ කරන බවත් හඳුනාගෙන ඇත.
කිසියම් පුද්ගලයෙකුගේ සති දෙකක් පමණ සුව නොවන තත්වයේ තුවාල ඇති වුවහොත් ළඟම ඇති රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙස වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරයි.
ලිෂ්මේනියාසිස් රෝගය සම්බන්ධයෙන් කරුණු දැක්වු සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීවනී ෆොන්සේකා මහත්මිය පැවැසුයේ එළිමහනේ රැකියාවල නියුතු වන්නන් හා සෙබළුන්, ගොවියන් සහ මුහුණ අත් පා හා ශරීරයේ කොටස් නිරාවරණය වන ලෙස රාජකාරී කරන්නන්ට හට මෙම රෝගය වැළඳීමේ අවදානමක් ඇති බවයි.
මෙම බෝනොවන රෝගයක් බවත් ඉක්මන් ප්‍රතිකාර නොකිරීමෙන් තුවාල වැඩි වීම නිසා කැලැල් ඇති වීමක් සිදුවිය හැකි බවත් ඇය පැවසුවාය.
වෛද්‍ය සංජීවනී ෆොන්සේකා
වෛද්‍ය සුසිජි වික්‍රමසිංහ






