‘වජිර හදන්නේ ගයන්ත රජයට දෙන්නයි‘


‘ගාලු දිසාවේ එකම එජාප මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා රජයේ පැත්තට යැවීමට වජිර අබේවර්ධන මහතා ලොකු උත්සාහයක් ගන්නවා. ගයන්ත එනවා නම් බාර ගන්න අපි සූදානම්. ‘ යැයි නියෝජ්‍ය කතා නායක චන්දිම වීරක්කොඩි හබරාදූවේ දී පැවසීය.

‘ගයන්ත ජනප්‍රිය පුද්ගලයෙක්. පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) අපේ පැත්තට දුන්නෙත් වජිර මහතා. බ්‍රෝකර් ගාස්තුව කීයද කියා දන්නේ නෑ. දැන් ඔහුගේ උත්සාහය ගයන්තත් අපිට දෙන්නයි. ‘