‘ලේකම්ට පහරදුන් අය සොයනු‘


අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදුන් පුද්ගලයන් සොයා දඩුවම් දීම සඳහා පරීක්ෂණ අරඹන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති පොලිස්පතිට නියෝග කළේය. අධිකරණයට ඇඟිලි ගසතියි තිලකරත්න මහතා ගිය සැප්තැම්බරයේ පැමිණිලි කර තිබිණි.