‘ලේකම්ට පහර දීම අධිකරණයට පහර දීමක්‘
අධිකරණයේ විනය හා නීතිය ක්‍රියාත්මක කරන නිලධරයා වන අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට පහරදීම නීතියේ ස්වාධීනත්වයට එල්ල කළ ප්‍රහාරයක් බැවින් එය සුළු කොට නොසලකා දින තුනක් ඇතුළත සිද්ධිය ගැන සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ගල්කිස්ස පොලීසියට මින් මද වේලාවකට පෙර නියෝග කළේය.
කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් පොලීසිය මහේස්ත්‍රාත්ට කරුණු දැක්වීය. ලේකම්ගේ ජංගම දුරකතනයත්, උපැස් යුවළත් පැහැරගෙන ඇතැයි ද, එහි වටිනාකම රුපියල් 39000ක්යැයිද පොලීසිය අධිකරණයට දැන්වීය.
මේ මැර ප්‍රහාරය අධිකරණයට එල්ල කළ ප්‍රහාරයක් යැයි කී මහේස්ත්‍රාත්වරයා එහි බරපතලකම සැලකිල්ලට ගෙන පරීක්ෂණ කඩිනම් කර සැකකරුවන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නැයි පොලිස්පතිට ද දන්වන ලෙස ලේඛකාධිකාරීට නියෝග කැරිණි.
නීතීඥ සංගමයේ නීතිවේදීහුද පැමිණ සිටියහ.

