‘ලක් කත ඉතාලියේදී අතුරුදන් ‘


අන්තෝනියෝ ෆ්‍රන්චෙස්කෝ (61) නම් ඉතාලි  ජාතිකයා  සමග විවාහ වී පලේර්මෝ නුවර ජීවත් වූ නිසාරා  පියුමි සිල්වා 24, දෙසැම්බර්  මස සිට අතුරුදන්ව ඇති  බව අගේ මව වන කිඹුලපිටියේ ප්‍රින්සි  පෙරේරා  මහත් මිය කියන්නිය .

මගේ දුව 2010  ඉතාලි ජාතිකයා කසාද බැන්දා .2010 මාර්තු මාසයේ ඉතාලියට ගියා  දෙන්නා අතර ප්‍රශ්න තිබුණා. එක සැරයක්  දුවට ගහලා පලේර්මෝ රෝහලේත් හිටියා පොලිසියෙන් එයා ආරක්ෂක නිවාසයකට බාරදී තිබුණා.

 පසුව දෙන්නා ආයෙත් සමගි වුණා. නමුත් පසුගිය දෙසැම්බර්  මාසයේ සිට දුව අතුරුදන් කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට ගිහාම කිවුවා .

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වන්න කියලා  රෝමයේ තානාපති කාර්යාලයට කතාකලාම දවස් දෙකක් ඇතුළත තොරතුරු හොයලා මට දුරකථන ඇමතුමක් දෙන්නම් කිවුවා  නමුත් කිසිම දුරකථන ඇමතුමක් මට දුන්නේ නැහැ මම ආයෙත් කතා කළාම කියනවා එයාලට කිසිම දෙයක් කරන්න බැහැ පලේර්මෝ පොලිසියට පැමිණිල්ලක් දන්නා කියලා  මම ලංකාවේ ඉඳලා කොහොමද පලේර්මෝ පොලිසියේ පැමිනිල්ලක්  දාන්නේ  අනේ කොහොම හරි මට මගේ දුව හොයලා දෙන්න . ඇය හැඩු කඳුළින් කියන්නීය.