මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයින් වඩාත් සැලකිල්ලෙන් සිටින්නැයි බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය සංචාරක උපදේශනයක් නිකුත් කරමින් කියා සිටි.
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඉලක්ක කර ගනිමින් නිකුත් කර ඇති මෙම සංචාරක උපදේශනයේ සඳහන් වන්නේ දේශපාලන රැස්වීම්,පෙළපාලි පැවැත්වෙන ස්ථාන මඟහරිමින් සංචාරය කරන ලෙසය.
දේශපාලන රැස්වීම් සහ පෙළපාළි අතරතුර ගැටුම්කාරී තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය සිය වැසියන්ට අවවාද කරයි.

