‘ලංකාවට ඕනෑ රජෙක් නොවෙයි, සේවකයෙක්‘


සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පාක්ෂිකයින්ට ආරාධනා කරන බව මහනුවර දළඳා මාළිගයේ පත්තිරිප්පුවේ විශේෂ පීඨිකාවක සිට ජාතිය අමතමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් කළේය.

නීතිය, යහපාලනය, සදාචාරය, යහ පාලනයක් සඳහා විධායක ජනපති බලයේ අසීමිතික බලතල ඉවත්කර ස්වාධීන කොමිසන් සභා පත් කරන බවද ජනපති ප්‍රකාශ කළේය.

ආගමික හා ජාතික සමගිය ඇති කරන බවද ජනපති කීවේය.

‘‘අපේ රටට ඕනෑ රජෙක් නොව සැබෑ මිනිසෙක්. මම ප්‍රධාන සේවකයා. මා තරඟ කළ පළමු ජනාධිපතිවරණයත් අවසන් ජනාධිපතිවරණයත් මෙයයි‘‘

නව ජනපති ජාතිය අමතද්දී මුළු රට පුරාම වාගේ රතිඤ්ඤා දල්වමින් වැසියෝ සිය සතුට හා උද්දාමය පළ කළහ.

Untitled-1 Untitled-2 Untitled-3

ඡායාරූප -  සිරස ටී.වී අනුග්‍රහයෙනි

DSC_4605-copy

DSC_4522-copy DSC_4524-copy_1 DSC_4552-copy DSC_4568-copy DSC_4613

ඡායාරූප - සමන් විජයබණ්ඩාර