‘රෝහලේ බෙහෙත් නැතිලු‘


රතුපස්වල කම්හළකින්  ළිං වතුරට ඇසිඩ්  එක් වී ඇතැයි කියමින්  ඊට පිළියම් ඉල්ලා  පසුගිය බ්‍රහස්පතින්දා  වැලිවේරියේ  සිදු වු  වෙඩි තැබීමෙන්  තුවාල ලබා ගම්පහ රෝහලේ  ප්‍රතිකාර ලබන රෝගීන්  සදහා ඇතැම්  බෙහෙත් ඔසු සැල් වලින්  මිලට ගැනීමට  තමන්ට සිදු වි ඇතැයි   ඥාතීහු කියති.

 තුවාලකරුවනට අවශ්‍ය  බෙහෙත් රෝහල සතුව නොමැති නිසා  මෙසේ පිටතින් රැගෙන ඒමට සිදුව ඇතැයිද  ඔවුහු පවසති.ගම්පහ රෝහලේ  බරපතල තුවාල ලබන ඩෙරික්  ප්‍රේමතිලක මහතාට අවශ්‍ය   බෙහෙත්  සදහා දින දෙකකදී රුපියල්  දහසක්  පමණ වියදම් වු බව ඔහුගේ බිරිය වන  නයනා වජිරා මහත්මිය අප සමග කිවාය.

 තම සැමියා පාපැදියේ ගොස්  මාළු වෙළෙදාමේ යෙදෙන්නෙකු බවත්  පුද්ගලිකව ඖෂධ ලබා දිමට තමන්ට පුළුවන්කමක්  නැතැයිද  ඇය අපට පැවසීය.

මේ පිළිබදව  ගම්පහ රෝහලේ ප්‍රතිකාර ගන්නා ඥාතින්ගෙන් විමසු විට  කියා සිටියේ තම රෝගීන්ට අවශ්‍ය  බෙහෙත්  රෝහලේ  ඉල්ලිම මත  පිටතින් ලබා දුන් බවත් ඒ සදහා විශාල මුදලක්  වැය වු බවත් කීය.

ඔවුහු තමාට වියදම් වු  බිල්පත් හා ඖෂධ  එම අවස්ථාවේ රෝහලේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත්  මහතාටද  පෙන්වන ලදි. මේ පිළිබදව අදහස් දැක්වු  මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ  මීට පෙර දින රෝහලට පැමිණි අමාත්‍යවරයකු  රෝගීන්ට අවශ්‍ය සියලුම  පහසුකම්  සපයන බවට පුරසාරම්  දෙඩු බවය. ජලය ඉල්ලා වෙඩි පහර කෑ ජනයාට  අවශ්‍ය බෙහෙත් ටික ලබා දීමට පවා මේ රජය අසමත් වි ඇතැයිද මන්ත්‍රීවරයා කීය.

මේ පිළිබදව ගම්පහ රෝහලේ  වෛද්‍ය අධිකාරී සුගත් ධර්මරත්න  මහතා කියා සිටියේ  අවශ්‍ය බෙහෙත් ඇති තරම් රෝහලේ ඇති බවයි.වෛද්‍යවරුන් නිර්දේශ කරන  විශේෂ බෙහෙතක් හැර අවශ්‍ය  සියලුම බෙහෙත්  රෝහල සතුව ඇති බවද ඖෂධ නැති  බව කියන කතාව බොරුවක් බවද පැවසීය.