(යොහාන් භාසුර)
රාජ්‍ය පාලනයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වීමට මන්ත්‍රී ධූරයෙන් ද ඉවත් වූ බවත් අද සිට රාජ්‍ය පාලනයේ කිසිඳු කටයුත්තකට සම්බන්ධ නොවූව ද අඛණ්ඩව දේශපාලනයේ නිරත වන බවත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද (9) පෙරවරුවේ පැවසීය.
රාජ්‍ය පාලනයත් දේශපාලනයත් යන්න දෙකක් යැයි මුල සිටම විශ්වාස කළ බව කී බැසිල් රාජපක්‍ෂ මහතා සෙසු රාජපක්‍ෂලා මහජන ඡන්දයෙන් පත්නොවීම නිසා පක්‍ෂයෙන් විමසා ඉවත්වීමේ හැකියාව ඇති බව ද සඳහන් කළේය.
සෙසු රාජපක්‍ෂවරු ජනතාව ඡන්දයෙන් පත්කළ අය වීම නිසා එසේ ඉවත්විය නොහැකි බවත් ජනාධිපතිවරයා ඡන්ද 69 ක් සහ සෙසු මන්ත්‍රීවරු ඡන්ද ලක්‍ෂ 68 ක් ලබාගත් බවත් බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
මන්ත්‍රීවරු 145 ක් සිටියදී පක්‍ෂයක් හැටියට ඡන්ද 253,000 ක් ගත්තු කෙනෙකුට අගමැති ධූරය පරිත්‍යාග කර ඇති බව කී බැසිල් රාජපක්‍ෂ මහතා පැවසුවේ පරම දේශපාලන හතුරා වන එක්සත් ජාතික පක්‍ෂයෙන් ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රිවරයාට අගමැති ධූරය දුන්බවත්ය.
මෙම සමුගැනීම ජනතාව සදාකාලික කළොත් ඒක එහෙම වන බව කී රාජපක්‍ෂ මහතා සඳහන් කළේ ජනතාව නැවත කැදෙවුවොත් ඒකටත් සූදානම් බවත්ය.
බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමට බලය දුන් අය වගකිවයුතු බවත් බෝලය පාස් කළේ නම් බොලේ දුන්නු කට්ටිය වගකිව යුතු බවත් ඒ මහතා කීය. රටින් දැන්ම යෑමට සූදානමක් නොමැති මෙන්ම රටින් පිට වුණ ද ඇමරිකාවේ දිගටම රැදීසිටීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් සඳහන් කළේය.
බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (9) පැවැති මාධ්‍ය හමුවේදී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.