(නිමල කොඩිතුවක්කු)
රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් සහ විපක්ෂනායක ධුරයෙන් ඉවත් නොවුණහොත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා කොළඹදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට සහ විපක්ෂනායක දුරයට වඩාත්ම සුදුසු පුද්ගලයා සජිත් පේ‍්‍රමදාස මහතා බවත් ඔහු සඳහන් කළේය.
කොළඹ කැප්පිටිපොළ මාවතේ පිහිටි හරීන් ප‍්‍රනාන්දු මහතාගේ නිල නිවසේදී අද (20) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.
පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම තවත් තනතුරු රැසක වෙනස්විම් සිදුවිය යුතු බවත් හරීන් ප‍්‍රනාන්දු මහතා එහිදි වැඩිදුරටත් පැවසීය.
එසේ නොමැතිව තවදුරටත් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය කිරිමට සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු පිරිසක් සූදානම් නොමැති බවත් ඔහු කියා සිටියේය.
බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කර ජයග‍්‍රහණය කරා මෙහෙයවූවා සේම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කර ජයග‍්‍රහණය කරා මෙහෙයවූවා සේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සහ තනතුරුවල වෙනසක් සිදු නොවුනහොත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කර එය ජයග‍්‍රහණය කරා මෙහෙයවන බවත් ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ චෝදනා එල්ල නොවූ පිරිසිදු දක්ෂ කණ්ඩායමක් සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ ගමනක් යෑමේ සූදානමින් සිටින බවත් හරීන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.
ඡායාරූප - ළහිරු හර්ෂණ


