‘රණවිරුවන් රැකගන්න රජය කටයුතු කරනවා‘ - ආරක්ෂක රාජ්‍ය ඇමැති


(වසන්ත චන්ද්‍රපාල)

රණවිරුවන් රැක ගන්නට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා නිරන්තරයෙන් කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසිය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා  එසේ පැවසුවේ අම්පාර දිසාපති කාර්යාලයේ පැවති  රණවිරු ගැටලූ පිළිබඳ සාකච්ඡා කිරිමට පැවැති විශේෂ රැස්විමකදී ය.

රණවිරු සේවා අධිකාරිය මගින් මෙම රැස්විම සංවිධානය කර තිබිණි.

‘මේ රට තුළ අපට නිදහසේ ජිවත්වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ රණවිරුවන් නිසා.  එදා තම ජිවිතය පුජා කරමින් තම අතපය ඇස් නැති කරගෙන ලබාදුන් නිදහස නිසා අද අපි බය නැතුව ජිවත්වෙනවා. එසේ  අපිට ජිවිතය දුන් රණවිරුවන් ගේ  ඇති ගැටලූ වලට විසඳුම් ලබාදිමට අපි ප‍්‍රමුඛත්වය දෙනවා. අපි ලංකාව පුරාම මේ විදියේ වැඩසටහන් පවත්වා රණවිරුවන් ට ඇති ගැටලූ වලට විසඳුම් ලබාදිමට කටයුතු කරනවා‘

‘අද සමහර දේශපාලඥයින්  අපේ රජය විවේචනය කරනවා විවිධ දේශපාලන වාසි ගන්න. අපි රණවිරුවන්ට සලකන්නේ නැහැ කියනවා. අපි රණවිරුන්ව කොන් කරනවා කියනවා. රණවිරුවන් හිරේ දානවා කියනවා. එක එක චෝදනා අපට එල්ල කරනවා. නමුත් මිත‍්‍රවරුනි අපිට කිසිම වුවමනාවක් නැහැ රණවිරුවන්ට අයහපත් ආකාරයට සලකන්න හෝ හිරේ දාන්න. නමුත් අපි ප‍්‍රතිපත්තියක් හැටියට  තිරණටයක් ගත්තා පසුගිය කාලේ යම්කිසි වැරුද්දක් වුන කිසිම වැරුද්දකට නැති පුද්ගලයින් අතුරුදහන් වෙලා තියෙනවා නම් ඒකට යම් කිසි හමුදා නිලධාරියෙක් සමිබන්ධ නම් ඒ පිළිබඳව නිති මාර්ගයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා.‘ යැයි ද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.