වී මිලට ගැනීමේ ප්‍රමාධය හා ගැටළු ඇතිවීමට හේතුව පසුගිය පස් වසරේ වී නිෂ්පාදනය ඉහළ ගොස් රටේ සහල් අතිරික්තයක් ඇතිවීම නිසා යැයි වී අළෙවි මණ්ඩලයේ සභාපති පී ජයසිංහ මහතා තිස්සමහාරාමයේ දී පැවසීය.
මණ්ඩලයේ 210 වැනි ගබඩාව එහිදී විවෘත විය.
දැනටම වී මෙට්‍රික් ටොන් දෙලක්ෂයක් මිලට ගත් බවත්, දිගටම වී මිලට ගන්නා බවත්, ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂා කරන බවත් ඔහු කීවේය.
නව වී ප්‍රබේධ වගා කර උසස් තත්ත්වයේ සහල් නිෂ්පාදනය කිරීමට ගොවියා උනන්දු විය යුතු බව ද ඔහු කීවේය.