‘රටේ ආර්ථිකය කාබාසිනියා කළේ රාජපක්ෂ ආණ්ඩුවයි’


(රංජන් කස්තුරි)
 
“රටේ ආර්ථිකය කාබාසිනියා කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. අපේ රජය ආර්ථිකය විනයානුකූලව ඉදිරියට ගත්තා. බලයට පත්වීමේ කෑදරකමින් ඔවුන් දැන් ආර්ථිකය ගැන බොරු ප්‍රචාර කරනවා” යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ අද(03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකදී පැවසීය.
 
“අපේ රජය ගත් ණයවලින් වැඩිම කොටසක් වැය කළේ රාජපක්ෂ ආණ්ඩුව ගත් ණය ගෙවීමට” යැයිද එහිදී මංගල සමරවීර මහතා කීවේය.
 
“එදා ආර්ථිකයත් අද තත්වය ගැනත් විවෘතව සංවාදයකට එන්නැයි මම මහින්ද රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයාට ආරාධනා කරනවා” යැයිද එහිදී මුදල් ඇමතිවරයා පැවසීය.
 
එදා රාජපක්ෂ ආණ්ඩුව අධික පොලියට ණය අරගෙන ඒවා හිතවතුන්ගේ ව්‍යාපෘති වෙනුවෙන් වැය කර රටේ ආර්ථිකය අයි සී යූ එකට ඇද දමා තිබූ බවද මේ වනවිට එම රෝගියා සාමාන්‍ය වාට්ටුවට මාරු කර සුව අතට හැරෙමින් සිටින බවද මුදල් ඇමතිවරයා කීය.