ආණ්ඩුවේ දූෂණය, වංචාව හා නාස්තිය නිසා ආර්ථික ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට වෙත නොයන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තිඹිරිගස්යාය පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයයේ දී පැවසීය.
‘ආර්ථික විග්‍රහය‘ මැයෙන් එම මාධය හමුව නම් කර තිබිණි.
‘ අද ආණ්ඩුව ගත් වාණිජ ණය වැඩි වී තිබෙනවා. චීනයට ඩොලර් බිලියන හයත් හතත් අතර ප‍්‍රමාණයක් තිබෙනවා. ගෘහස්ථ ආර්ථිකයේ වර්ධන වේගයක් දකින්නට ලැබෙන්නේ නෑ. අතිවිශාල වියදම් පියවීමට ණය ලබාගන්නවා. ජාතික ඉතිරිකිරීමේ බැංකුවට මෙම වසරේ ඇමරිකා ඩොලර් මිලියන 8,875 (රුපියල් කෝටි 117150) ලබා ගත්තා. 2013 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ සඳහන් වෙනවා. ඉහළ අදායම් ලබන 10% අහාර සඳහා ආදායමෙන් වැඩි ප‍්‍රතිශතයක් වැය කර ඇති බවට. කොතරම් භෞතික දේ සංවර්ධනය කරත්, ඉන් ගෘහස්ථයට ප‍්‍රතිලාභ ගමන් කරන්නේ නැත්නම් එහි ආර්ථිකයෙන් සෙතක් නෑ.”
පාඨලී චම්පික රණවක මහතා -
‘වර්තමාන ආණ්ඩුවේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ආණ්ඩුව දරන වියදම් අනුව, ආදායම් උපයාගන්න ක‍්‍රියාමාර්ග සිදු නොවීමයි. ඒ නිසා එම වියදම් දරාගැනීමට ණය මුදල් ලබාගැනීමට සිදුවෙලා. වාණිජ මට්ටමේ ණය ලබාගත යුතුව තිබෙනවා. 1% ට වඩා පොලී අනුපාතය අඩු යයි ආණ්ඩුවේ බලධාරින් ප‍්‍රකාශ කළත්, 2013 පොලිය වෙනුවෙන් ගෙවූ මුදල මිලියන 462 යි. ගිය වසරේ ගෙවීමට තිබු සමස්ත ණය මුදල මිලියන 6,976 කි. පොලී අනුපාතය 6.8% කි. සෑම ක්ෂේත‍්‍රයක්ම වර්ධනය කරනවා යැයි සඳහන් කරමින් ණය ලබා ගන්නවා. ජනාධිපති මුදල් අමාත්‍යංශයෙන් ණය බර අඩු කරා යැයි සඳහන් කරත්, එය සිදුකර තිබෙන්නේ රජය විවිධ ආයතනවලට බෙදාහැරීමෙන්. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 421 ක් , ලංකා විදුලිබල මණ්ඩලයට බිලියන 48, මහජන බැංකු ඩොලර් බිලියන් 1500 යි (රුපියල්. කෝටි 1980000), ලංකා බැංකුව ඩොලර් බිලියන 50 යි (රුපියල් කෝටි 500) මෙවැනි දේවල් මුදල් අමාත්‍යංශයට ගැනෙන්නේ නැහැ. මෙලෙස රාජ්‍ය ආයතන ණය උගුලකට හසුකර ජනතාව මත බදු බර පටවා තිබෙනවා. තෙල් වලට අධික බදු මුදලක් අය කරනවා. කොළඹ වරාය දැනටමත් චීනයට පවරලා. මේක භයානක මුදල් සූදුවක්. ‘

