(නාලක සංජීව දහනායක)
ඉදිරි මහා මැතිවරණයේ දී නව රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැපවී ක‍්‍රියාකළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (12) කීය.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට රට සංවර්ධනය කර සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමට ඉදිරි මහා මැතිවරණයෙන් පත්වන ආණ්ඩුවට තුනෙන දෙකක බලයක් හිමිකර දිය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (12) පැවැති ආසන සංවිධායකවරුන්ගේ ප‍්‍රගති සමාලෝචන හමුවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

