කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තබා ගැනීමට ගිනි අවි 3475ක් නිකුත් කර ඇතත් අද (20) කළ පරීක්ෂාවේ දී හමුවූයේ ගිනි අවි 151ක් පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඒ අනුව අවි 3322ක් එහි නොවූ බවත්, ඒවා විවිධ රාජකාරි සඳහා නිකුත් කර ඇති බව එම සමාගමේ නිලධාරීන් පොලිසියට දැන්වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
නිකුත් කර ඇති ගිනි අවි හා පතුරම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව ද ඔහු කියයි.
එම ගබඩාවේ නීති විරෝධී අවි ඇතැයි ජාතික හෙළ උරුමයේ කොට්ටේ නාගරික මන්ත්‍රී ලියනගමගේ දයාරත්න මහතා පොලිසියට කළ දැනුම් දීමක් අනුව කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා සහ කුරුඳුවත්ත ප්‍රධාන පොලිස් පරීඛ්ෂක දෙල්ගහපිටිය මහතා ඇරතුළු කණ්ඩායමක් අවි ගබඩාවට සීල් තැබීය.
අද අධිකරණ නියෝග මත එය විවෘත කර කළ පරීක්ෂා කිරීමේ දී ටීපනස් හය ගිනි අවි 44ක්, 84-එස් ගිනි අවි 35ක්, අල්ජීඑම් 32, බෝර 12 රිපීටර 29 ඇතුළු ගිනි අවි 151ක් හමු විය.
ටී පනස් හය ගිනි අවි 2300ක්, 84 එස් - 670ක්, එල්ජීඑම් 385ක්, බෝර 12 රිපීරට 79ක් ඇතුළු ආයුධ 3473ක් එහි තබා ගැනීමට අවසර ලබා දී තිබිණි.

