‘යහපාලන ආණ්ඩුව ණයගත්තේ බලය රැකගන්නයි’


(නාලක සංජීව දහනායක)
 
යහපාලන ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළදී ලබාගත් අමෙරිකානු ඩොලර් බිලියන 26ක විදෙස් ණය මුදලෙන් කිසිදු කල්පවතින, ආදායම් උපයන ආයෝජනයක් කර නොමැති බවත්, ඔවුන්ට ණය ලබාගැනීමට සිදුවූයේ තම බලය රැක ගැනීමට යැයිද විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (1) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
තමන්ගේ බලය ආරක්‍ෂකර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව විසින් කරනු ලබන වියදම් සියල්ලටම වන්දි ගෙවීමට මහජනතාවට සිදුවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
 
විපක්‍ෂනායකවරයා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.