මිහිර සිරිතිලක නළුවා සාපරාධි බිය ගන්වා ඔහුගේ බිරියගෙන් මුදල් කොල්ලකෑමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවූ සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ජේ.එම්. ජයසුන්දර මහතා ඉදිරියේ පැවැති හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදී නළුවා විසින් හදුනා ගනු ලැබීමෙන් පසු ශරීර ඇප මත මුදා හරින ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා නියෝග කළේය.
රංගන ශිල්පීන් වන ඩබ්ලිය.එස්. පැට්‍රික් මයුර සහ ඩබ්ලියු. චරිත් කාන්චනමාල ප්‍රනාන්දු යන දෙදෙනා මෙසේ හදුනා ගනුලැබූ සැකකරුවෝය. පෞද්ගලික රූපවාහිනි නාළිකාවක වැඩ සටහන් ඉදිරිපත් කරන්නකු වන රිමාන්ඩ් බාරයේ පසුවූ සෙසු සැකකරු එස්.එච්.සුනෝජ් ප්‍රනාන්දු හදුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරනු ලැබුයේ නැත.
කොන්දේසි සහිතව පැමිණිල්ල සමථයට පත්කර ගැනීමට පැමිණිලි පක්ෂය ඉදිරිපත්ව ඇති බවද අධිකරණයේදී කියවිණි. පැමිණිල්ල විභාග කළ කොච්චිකඩේ පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට වැඩිදුර කරුනු වාර්තා කළේය.
වැඩිදුර විභාගය දෙසැම්බර් 10 වැනිදාට කල්තබනු ලැබීය.
රූපවාහිනී නාලිකාවකින් විකාශය වන ‘මෙගා බයිට්‘ නම් වැඩසටහනකින් මිහිර සිරිතිලක මහතා අපහසුතාවට පත් විණැයි මේ නඩුව පවරා තිබිණි.