‘මිනී පෙට්ටි පිච්චීමෙන් නීතිය වල් වදී‘


ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය එකට ගමන් කළ යුතු යැයි ද හැප්පිල්ලක් වෙතෙත් සාමකාමී ලෙස සාකච්ඡාවෙන් විසඳාගත යුතු යැයි ද එසේ නොකරන බලවතකු සිටීනම් ඔහු රටේ සාමයට හා සංවර්ධනයට බාධා කරන්නෙකියී ද ඇමැති මර්වින් සිල්වා මහතා පෑලියගොඩ දුටුගැමුණු මාවතේ දී පැවැසීය. ‘ප්‍රභාකරන්ගේ ඩයස්පෝරාවට හා විදේශ ඩොලර්වලට කත් අදින්නෙත් එවැනි අයයි.  ඒකට මා ඉඩ දෙන්නේ නැහැ‘ නීතිඥවරුන් මිනී පෙට්ටි උස්සාගෙන අවුත් ගිනි තියන්න ගියාම නීතිය වල් වදිනවා. දහම් පාසල් යන්නැයි මා එවැනි අයට කියනවා.‘