මේද රහිත මැලිබන් කිරිපිටි ඩයිසයිනයිඩ්ඩයමයිඩ් හෙවත් ඩී සී ඩී රසායනයෙන් දුෂිත විය නොහැකි යැයි ඕස්ට්‍රේලියා රජයද , කිරිපිටි සපයන්නාද, ඕස්ට්‍රේලියාවේ කිරි කර්මාන්ත පාලක මණ්ඩලය වන ‘ඩේරි ඕස්ට්‍රේලියා‘ ආයතනයද සහතික කර ඇතැයි මැලිබන් සමාගම කියයි.
තම නිෂ්පාදන ඩී සී ඩී රසායනයෙන් දුෂිත වී නැතැයිද ඩේරී ඕස්ට්‍රේලියා ආයතනය දන්වා ඇතැයි මැලිබන් සමාගම සඳහන් කරයි.
මැලිබන් මේද රහිත කිරිපිටිවල ඩී සී ඩී නැති බව පිළිගත් විදේශිය රසායනාගාරයක පරික්ෂණයකින්ද සොයාගෙන ඇති බව දන්වා ඇතැයිද මැලිබන් සමාගම පවසයි.