(නාලක සංජීව දහනායක)
තම පාලන කාලය තුළදී රටේ මාධ්‍ය නිදහසට කිසිඳු බලපෑමක් එල්ල නොකර බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (12) පැවැසීය.
ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් රටට විය යුතු වගකීම් ඉටුකිරීමට සියලූම මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය වැනි තම අරමුණු ජයගැනීම සඳහා මාධ්‍යයේ සහයෝගය නොවඩුව තමන් වෙත ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ජනාධිපතිවරයා කීය.
එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් ආයෝජන හා ආර්ථික සබඳතා ගොඩනැගීමට රටේ ප‍්‍රතිරූපය ඉතාම වැදගත්වන බව කී ජනාධිපතිවරයා රටේ ප‍්‍රතිරූපය ගොඩනැගීම සදහා මාධ්‍යයට පුළුල් වගකීමක් පැවැරෙන බවද සඳහන් කළේය.
ආන්දෝලනාත්මක ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය ආකාරයට උළුප්පා දැමීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් තම කණගාටුව පළකළ ජනාධිපතිවරයා එම සිදුවීමේදී මෙරට මාධ්‍යයේ හැසීරීම සම්බන්ධයෙන් තම ප‍්‍රසාදයද පළ කළේය.
එමෙන්ම නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුර නිර්මාණය වී ඇති චිත‍්‍ර ඇදීමේ රැල්ල පිළිබඳව මෙහිදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් දැනුවත් කළ ජනාධිපතිවරයා එය කිසිවකුගේ ඉල්ලීමක් අනුව සිදුවූවක් නොව රටට ආදරය කරන තාරුණ්‍යය අතරින්ම බිහිවූ නිර්මාණශීලී වැඩපිළිවෙළක් බවය.
කෙසේ වෙතත් රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැනීවීම් මාධ්‍යයේ දායකත්වය නොවඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.



