මහින්ද රාජපක්ෂ ජනපති හිතාමතාම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි කියමින් ඔහු ජනවාරි අටවැනිදා ඡන්දයට ඉදිරිපත් කිරීම වළක්වන්නැයි ඉල්ලමින් ජාතික සිංහල බෞද්ධ මහජන පක්ෂයේ නායක රත්න බණ්ඩාර අභියාචනාධිකරණයට අද(27) පෙත්සමක් ඉදිරිපත් කළේය.
ජනපති මහින්ද රාජපක්ෂ,මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හා නිතීපති වග උත්තරකරුවෝය.
මහජන මත විචාරණයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝදනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමත් සංශෝදනය කරමින් ජනාධිපති එම තනතුර දැරීමට නුසුදුස්සෙකියි ඔහුගේ පෙත්සමේ දැක්වේ.
ජනපති පදවියට තෝරාගත යුතු ඊළඟ දෙදෙනා වන අගමැති හා කථානායක ද 18 වැනි සංශෝධනයට ඡන්දය දීම නිසා ඔවුන්ද නුසුදුස්සන් වු බවත් ඊළඟට සිටින විපක්ෂ නායකද ඒ හේතුව නිසාම නොසුදුස්සන් බවත් ඊළඟට සුදුසු පුද්ගලයා අන් කිසිවකුත් නොව තමා බවත් එම පෙත්සමේ දැක්වේ.
හිස් වී ඇති ජනපති පදවියේ ඉදිරි දෙවසර දක්වා තමා ජනපති ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලයි.

